Monday, December 15, 2008

වෙනස

කලෙක,

වට වැස්සෙන් තෙතබරිත
වසන්තේ කුසුම් ලා දළු හරිත
පළත් රස කර - කරුණාව සෙවන කර
සරතැසට සරණ - කදෝපැණි මිතුර

ලයද පුරවා සුසුමකින්
අතීතය පිට කලෙද සැනෙකින්
මඟහැරී ගිය කඳුලකින්
සිනහවක සිරි දේද නෙතගින්

අවසරත් නොගෙන එත
නොකියාම උවද යත
බොහෝ දෑ සිදු වේ එලෙස
ජීවිතය පවා නොනැවතෙන

මට මාද නැති
නුඹට නුඹවත් නොමැති
වෙනස් වන ලොවක තතු
උගැන් වූ නුඹ නොවෙද මිතුරූ

Wednesday, November 12, 2008

සැනසුමක් සොයා

සෙවුවෙමි තැනක නුඹ
අඳුරෙත් නොහිම් එලිය දී
පෙනී නොපෙනී ගියෙන්
හැම රැයක හීනයක

දුරින් හිඳ හිනැහෙනා විට
සොයා ඇදුනෙමි දුරට
රඳවගන්නට දෙතොලතර
නෙතග කඳුළැලිද පිසිමින

ඈත හිඳ මන පිනවනා වෙද
ලගක නොරැදෙන කාරණා කිම
සොයා ජීවිතේ ගෙවුවෙමි
නුඹේ පසුපස නුඹෙන් ඈතක

අවසාන එක රැයක,

නුඹ සැගැවි මගේ සිත
සොයාගත්තෙන් මමම
ඈත සිටියදි ලගක වුන්
මිරිගුවක් පමණි නුඹ














( . . . . . . )

(අඳුරෙහි ගාටන්නන් මද එළියකටවද ගිනිකණ වැටෙන්නා සේම )
අඳුර
අවිඳු වෙද
එළිය බිඳකටම තැවෙමින්

(සැපතේ ඇලි වරපට ගිලිහි දා ඇද වැටෙත් උනුන් එකා මත දුකෙහි )
දුක
දුර නැතෙන්
දුකේ වෙළී සැප සොයමින

- ආදරයෙහි ආසක්ත වු අතීතයක
මතකයේ ඉපදෙමින්
මතකයෙන් මියැදෙමින්-

Saturday, October 11, 2008

දුක

ලියා මහමෙරක් තරමට
දුක හලන්නද අකුරු මත්තට
ගලාගෙන ගිහින් පාලු කතරට
ඔහේ වැතිරී මියෙන්නට

හෙලා උනුනුන් කඳුළු ග0ගා
රැකැයි කී පෙම මත ගිලෙන්නට
සොයා මම යමි , එවන් සෙනෙහස
තැනක නුඹ කිසිදිනක නොරැඳුනු

Tuesday, September 23, 2008

ඔබේ බිහිවීම හා මගේ අත්හැරීම

සිත් පිත් නැති ලෙසට
හදවත් ඉවුරු බැමි තර කොට
සෙනෙහෙ දිය උරා ගති සිදෙන්නට
ඒ දියෙන් පැහැසර
පොහොනි වූ ලදලු පත දකිමින්ම
සොම්නස්ව
සිදී කෘෂ වූ ගතින
දමා යමි මම ඉතිරි දිය බිඳද

කලල බිජුවට තුලින් මතුවුන අ0කුර ,
කළළයත් දෙපළු කර
මතුවට මහ ගසක පෙරනිමිති දනවන
මලුත් පළ ගැන සිහිනයක
දෙපලු වූ හද අතැර යමි මම
සිහිනයෙන් සැබෑවට

අහම්බෙන් දිනයක ,
ඇස් රතු කරගත් කෙවිලියගෙ සත්සරයකද
පෙති ගිලිහි කුසුමට වැලපෙනා නටුවකද
ලදලු හැරදා මියෙන මහළු පත් වැළපුමක
මතකයේ අවතාර පෙනී නොපෙනෙනා විට
අසුරු සැනයක රඳවාපන් සිත
දිය බිඳක සිසිල හා කලලයක උනුසුමක
දිනෙක අත් හැරී ගිය


Friday, September 19, 2008

මගේ කතාවද?

ජීවිතේ යනු අපි එකිනෙකාගෙ කතාව විය නොහැකිද?
ජීවිතය මහා වෘක්ෂයක් සේ අලුත් සිදුවීම් දළුලමින්, පරණ සිදුවීම් වියලමින් අවුවට වැස්සට සසැලෙමින් එහෙත් . . අවුවෙනුත් වැස්සෙනුත් පණ ද ලබමින් වැඩෙයි දිරයි . .මොහොතකට නැවතී බැලුවොතින් අපි අපේ ජීවිත කතාව දෙස ඇරඹුමක් දැකිය හැකිද ඔබට මේ යැයි නැවතුමක් ද කෙසේව්ත් කෙදිනකවත් දිය නොහැකි බව නම් ප්‍රත්යක්ෂය ය.එසේ නම් කෙසේ කියන්නද ජීවිතේ කතාවක් , සිදුවීම් පෙළක් මිසක.


දිරා ගිය සිදුවීමක් !

දිරා ගොස් ගසකින් වැටුන කොළයක්
කොහෙ ගියෙදැයි සොයන්නේ කවුද ?

ඇස ගැටෙත් නොබල නා
නොසොය නා
නොතැවෙ නා
අයිතියක් නොකියනා

පොළවටම පස් වනු විනා නැතිය අන් සරණක් ද
බලාපොරොත්තුවක් පැතුමක් ද
මතකයක සොඳුරු සළකුනක් ද

බොහෝ දෑ අහිමි වී විඳගත්තු අතීතෙක
ටහන්ය නිහඩවම මතකයෙන් මිය ඇදෙන

Tuesday, September 16, 2008

සිතුවිලි

දකිනා බොහෝ දෑ තුලත් නොදුටු යමක් ඇත තවමත්
අසනා බොහෝ දෑ තුලත් නොඇසූ යමක් ඇත තවමත්
සිනහව අතර කඳුලක් සේම
අහිමි වීම් හා තැවීම් අතරත් සිනාවක් ඉතිරි නොවේමැයි ඉතින් කාට නම් කිව හැකිද ?
සබද,
මේ ඕනෑම දෙයක් සිදුවිය හැකි ජීවිතයයි . . .

කොතෙක් තරු හැඩ කලත්
සඳින්වත් එළි නොවූ අඳුරක්
තවම නොතියේවීද
අහස කොනකවත් . .

කලු වළා දිය වෙවී
කඳුලු කෝඩයක් මැවුවත්
හඩන්නට නොරිසි නිලක්
තවම නොතියේවිද
අහස කොනකවත් . . .


ස0සාර මඟද මේ ඇදෙන . . .

වැනි වැනී පීලි උඩ
ඇරඹුමෙන් නැවතුමට
නැවතුමෙන් ඇරඹුමට
ස0සාර මඟද මේ ඇදෙන . . .
අතර මඟ නැවතෙමින් ,
පුරව ගන්නා සියල්
ගමනාන්තය තෙක්ම පමනක්
හිස් අතින් අවසනදි
වෙයි තවත් ඇරඹුමක්
ස0සාර මඟද මේ තව දිවෙන . .

Wednesday, August 20, 2008

?

නොවක් කවි කතා ලියුවෙමි
නොනවතින බැවින්ද සිතුවිලි . . .
දිය රැලි නෙක සරා
පහත් බිමකින් එබී ගගුලක්ව නොගලාද?

එක්වීම වෙන් වීම
ඒම හා යෑම
යලි නෑවිදින්ම හිදීම
කෙසේ කීවත් සියල් දුකයැයි
දුකට මිනිසුන් පෙම් නොකරාද . . ?

එකඟ වනු බැරිව මා සමග
සටන් කරනා සිත සමග මම
ඉපදි ඉපදී මැරෙන සිතිවිලි සංසාරයක් ලග
එතෙර වෙනු හැකි වේද කෙදිනක?



කවුළු හැරදා එබී තරුවකට සවන් දෙමි

රැයට නිදි සුව සදන මද පවන හා එතෙමි

මතක වියළිලා ගිය අතීතෙක ඇවිද යමි

කඳුලකට පෙර නෙතේ තැවරි රුවකට බැඳෙමි

Sunday, July 27, 2008

මගේ කවිය

අඳුර ,
නොවක් සිරි රටා මවමින
මගේ නෙත් මත ඔහේ සැරි සරන
කාලය මමයි නුඹ එහි සරයි

හදවත ගැහෙයි
නෙතුපිය සැලෙයි
එනිසාම කාලය ගෙවෙයි

දෙපා එසවෙයි
හිස කෙස් සැලෙයි
නැවතී බලයි කාලය ගෙවෙයි

සිතිවිලි මැවෙයි
ලසොවින් තැවෙයි
හසරැලි නැගෙයි කාලය ගෙවෙයි

ඉතින් කාලය මම නොවේද?

Sanu


Wednesday, July 23, 2008

කෙටි කවි

  • පැතුම

    කරුවල රැය පුබුදයි කොඳ

    දවාලකට හිමි කරන්න

    පැතුම-
    ( නිහඬ රැය ලඟ
    මල් සුවඳ පමනක් නවතින්න )
    sanu