Monday, December 15, 2008

වෙනස

කලෙක,

වට වැස්සෙන් තෙතබරිත
වසන්තේ කුසුම් ලා දළු හරිත
පළත් රස කර - කරුණාව සෙවන කර
සරතැසට සරණ - කදෝපැණි මිතුර

ලයද පුරවා සුසුමකින්
අතීතය පිට කලෙද සැනෙකින්
මඟහැරී ගිය කඳුලකින්
සිනහවක සිරි දේද නෙතගින්

අවසරත් නොගෙන එත
නොකියාම උවද යත
බොහෝ දෑ සිදු වේ එලෙස
ජීවිතය පවා නොනැවතෙන

මට මාද නැති
නුඹට නුඹවත් නොමැති
වෙනස් වන ලොවක තතු
උගැන් වූ නුඹ නොවෙද මිතුරූ

4 comments:

jayantha colombage said...

අවසරත් නොගෙන එත
නොකියාම උවද යත
බොහෝ දෑ සිදු වේ එලෙස
ජීවිතය පවා නොනැවතෙන

මේ හේතුඵල ධර්ම විග්‍රහයේ එන හටගැනීම සහ නැතිවීම ලෙසයි මම දකින්නෙ.බොහෝ දෑ යනු හේතූන් නිසා හටගත් සංස්කාර ධර්මයන්ය. ඒවා ඔය කියන ආකාරයටම අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ස්වභාවයෙන් යුක්තය.

මට මාද නැති
නුඹට නුඹවත් නොමැති
වෙනස් වන ලොවක තතු
උගැන් වූ නුඹ නොවෙද මිතුරූ
කෙසේ ඉගැන්වූවද ඔබ එය අවබෝධකරගත් අයුරු නම් අපූරුය. සත්ත්වයෙක් පුද්ගලයෙක් මම මාගේ යැයි කිසිවක් නැති මේ ශුන්‍යත්වය තුල ඇත්තේ සදැනයක් පාසා වෙනස්වන ලෝක ධර්මතාවය පමණි.
ඔ‍බට ශුභ පැතුම්

Bo said...

අර්ථවත්. ජීවිතයේ සැබෑව අවබෝධයෙන් ලියා තිබෙන මේ නිසඳැස බොහෝ අගෙයි . කියවූ සැනින් සිතේ සනිටුහන් වන, මතකයේ රැඳෙන, හදවතට සමීපවන, මේ වගේ කවි ඉස්තරම් !

Anonymous said...

ලියු කව අරැත්බර
කියවන්ට කියවන්ට
ලංවේ ම ය සිතට
සංසිදවමින් හද ...

Anonymous said...

3 වැනි කවි පන්තියට මට හිත ගියා