Wednesday, November 12, 2008

සැනසුමක් සොයා

සෙවුවෙමි තැනක නුඹ
අඳුරෙත් නොහිම් එලිය දී
පෙනී නොපෙනී ගියෙන්
හැම රැයක හීනයක

දුරින් හිඳ හිනැහෙනා විට
සොයා ඇදුනෙමි දුරට
රඳවගන්නට දෙතොලතර
නෙතග කඳුළැලිද පිසිමින

ඈත හිඳ මන පිනවනා වෙද
ලගක නොරැදෙන කාරණා කිම
සොයා ජීවිතේ ගෙවුවෙමි
නුඹේ පසුපස නුඹෙන් ඈතක

අවසාන එක රැයක,

නුඹ සැගැවි මගේ සිත
සොයාගත්තෙන් මමම
ඈත සිටියදි ලගක වුන්
මිරිගුවක් පමණි නුඹ














( . . . . . . )

(අඳුරෙහි ගාටන්නන් මද එළියකටවද ගිනිකණ වැටෙන්නා සේම )
අඳුර
අවිඳු වෙද
එළිය බිඳකටම තැවෙමින්

(සැපතේ ඇලි වරපට ගිලිහි දා ඇද වැටෙත් උනුන් එකා මත දුකෙහි )
දුක
දුර නැතෙන්
දුකේ වෙළී සැප සොයමින

- ආදරයෙහි ආසක්ත වු අතීතයක
මතකයේ ඉපදෙමින්
මතකයෙන් මියැදෙමින්-

3 comments:

jayantha colombage said...

සංස්කාර වල ස්වභාවය මේකයි නංගියේ. හේතූන් නිසා හටගන්නා මේ සංඛත අපිමයි නැවත නැවත පවත්වන්න අභිසංස්කරණය හෙවත් හේතු සකස් කරන්නෙ.ඒක හරියට හිල් කූඩයකින් වතුර ගෙනියනවා වගේ වැඩක්. අපි සතුටු වෙන්නෙත් දුක් වෙන්නෙත් හේතූන් නිසා සකස් වෙච්ච බාහිර රූපනිසා අපේ හිතේ හටගන්න සිතිවිල්ලටමයි. වරද බාහිර නොව අපේ සිතිවිල්ලේමයි. ඒතමයි ඇලීම.යමකට කැමැත්තෙන් ඇලෙනවා නම් ඒ නිසාම දුක හටගන්නවා. මේක සදාකාලික සත්‍යයක්.

Anonymous said...

අහිංසකාවිය....
සිතන් මොහොතක්
ලෝක තතු දෙස
විරිය ගනු මැන
යථාර්තය ම දැකුමට
ලැබෙනු ඇත ඔබට
සැනසුම් සුවය
අපිරිමිතව
සිසිල් දිය පොදක් ලෙස

Sanjeewani said...
This comment has been removed by the author.