Saturday, October 11, 2008

දුක

ලියා මහමෙරක් තරමට
දුක හලන්නද අකුරු මත්තට
ගලාගෙන ගිහින් පාලු කතරට
ඔහේ වැතිරී මියෙන්නට

හෙලා උනුනුන් කඳුළු ග0ගා
රැකැයි කී පෙම මත ගිලෙන්නට
සොයා මම යමි , එවන් සෙනෙහස
තැනක නුඹ කිසිදිනක නොරැඳුනු

3 comments:

Aaloka said...

අකුරැ කරවා මහ මෙරක් බර
කඳුලු වගුරා පෙළා තව හිත
ගෙවන්නට බෑ නුඹට ඒ දුක
දයාබර පොඩි නංගියේ

හැරදමා ඔය කඳුලු පෙම මත
සොයා වෙනතක සැනසුමක් සොඳ
ලබන්නට බෑ ලොවක් දුක නැති
හද බිඳුන පෙම් කෙවිළියේ

ගඟක් නොව මහ මුහුද තරමට
ඉමක් නැති මේ සසර ගමනක
ළය පැලී නුඹ වින්ඳ දුක් ගොඩ
අමතකද මා කිවිඳියේ

සමාහිත කොට අකීකරැ හිත
දුකේ මුල් ටික පිරිසිඳව දැක
නිවන්නට එය ලැබූ භවයෙම
වෙර වඩමු අපි නංගියේ

- ආළෝක

jayantha colombage said...

සිතේ හට ගන්නා සියල්ල අනිත්‍ය වී යන විට මේ දුක සැමට උරුමයි. අනිත්‍ය දෙය ශුන්‍යවී නැත්තටම නැතිවී යනවා. එහෙත් එය තවමත් අල්ලාගෙන පවත්වන්නට නිරර්ථක උත්සාහ ගන්නවා. නැති දෙයක් මගේ මගේ කියා අල්ලාගන්නේ කෙසේද? මේ හිත මායාකාරයෙක් කියන්නේ ඒකමයි

Sanjeewani said...

ඔව් හිත මායාකරයෙක් විටින් විට ඇවිත් රවටා යන